මොකක්ද මේ IP එක? (නොදන්න අයට)

  හොඳයි ඉතින් පොඩි දෙයින්ම මම මේ බ්ලොග් එක ආරම්භ කරනවා.මේ ලිපියෙන් මම ඔයාට කියල දෙන්නෙ IP Address කියන්නෙ මොකටද කියල.ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.නමුත් මේ ගැන නොදන්න අයත් ඕනතරම් ඇති.දන්න නොදන්න හැමෝම අහගන්නකො.
 
 IP Address (Internet Protocol)කියල කියන්නෙ අන්තර්ජාලය තුල සැරිසරද්දි ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයට ලැබෙන ලිපිනයටයි.
හරි..මම මෙහෙම කියන්නම්කො.ඔයාගෙ නිවසට තියෙනවනෙ ලිපිනයක්.ඒ ලිපිනය ඔස්සේ තමයි ඔයාගෙ නිවසට ලියුම් එන්නෙ.ඔන්න ඔය වගේ තමයි අයි පී එකත්.හැබැයි ගෙදර ලිපිනයට වැඩිය අයි පි ලිපනය ගොඩක් වෙනස්.මම ඒක කිව්වෙ ඔයාලට තේරුම් ගන්න පහසුවට.

  අපි එහෙනම් බලමු මොකටද මේ අන්තර්ජාල සම්බන්ධතාවයකට අයි පී ලිපිනයක් ලැබෙන්නෙ කියල.ඔයා යන හැම වෙබ් අඩවියක්ම ඔයාගෙ අයි පී ලිපිනය මොකක්ද කියල දැනගන්නවා.ඒ අයි පි ලිපිනය හරහා ඔයා ඉන්නෙ කොතනද කියල එම වෙබ් අඩවිය සොයා ගන්නවා.මේ හැම අඩවියකටම පිවිසෙන්නන්ගෙ අයි පි ලිපින කියවන්න පුළුවන් හැකියාව තියෙනවා.විශේෂයෙන්ම මේ අයි පී එක යොදා ගන්නෙ ඔහු කොයි රටේද කියල හොයාගන්න.

  නිදසුනක් විදිහට මේ බ්ලොග් එකේ දකුණු පැත්තෙ පහළට වෙන්න තියෙනවා පැමණි රටවල් කියල ගැජට් එකක්.එතන කියවන්න ආපු අයගේ රටවල් හොයා ගන්නෙ අපි කියපු අයි පී එක හරහා තමයි.සමහර රටවල් වලට සමහර වෙබ්අඩවි තහනම් කරල තියෙනවා.ඒ වෙබ් අඩවිය සොයාගන්නව මේ කොයි රටේ කෙනෙක්ද කියල.හැබැයි හොඳ වැඩ කාරයෙකුට පුළුවන් තමන්ගෙ අයි පී එක වෙනස් කරල ඒ තහනම් කරපු වෙබ් අඩවියට රිංගන්න.


  තමන්ගෙ අයි පී ලිපිනය මොකක්ද කියන එක හොයා ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා.ඒකට මම අඩවි දෙකක් දෙන්නම්.ඒ අඩවි දෙකෙන් ඕන එකකට ගියාම පෙන්නනවා තමන්ගෙ අයි පී එක මොකක්ද කියල.
www.whatismyip.com
www.whatismyipaddress.com

  හැබැයි ඔයාගෙ අයි පී එක මොකක්ද කියල කාටවත් කියන්න එපා.හොඳ දක්ෂයෙකුට ඒ අයි පී එක හරහා ලොකු කරන්න පුළුවන්.හරි ඉතින් දැන් ඔයාල දැනගන්න ඇතිනෙ අයි පී එක ගැන.මට පුළුවන් විදියට මම තොරතුරු දුන්නා.ප්‍රශ්න මොකුත් තියෙනව නම් කමෙන්ට් කරන්න.ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා සියල්ල කමෙන්ට් කරන්න.පුළුවන්නම් ෆලෝව් පාරකුත් දාන්න.එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු.

4 comments:

  1. sha ......
    maru mage ip eka mara digay eka kota karanna widiyak thiyenawada?
    ethath thawa ekakin danna ko.
    rawgamez.blogspot.com

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට IP වලට එන්නෙ මල්ලි සමාන අංක සංඛ්‍යාවක්.IP එක අපිට මාරු කරන්න පුළුවන් උණාට ඒක කෙටි කරන්න බෑ.ඔයාගෙ අදහසට බොහොම ස්තූතියි...!

      Delete
  2. mama me nodanna nisai ahanne.. mage IP eka wena katawath thiyenna widiyak nadda..?

    ReplyDelete
    Replies
    1. නෑ.....එහෙම වෙන්නෙ නෑ...IP එක එකකට එකක් වෙනස්.

      Delete

පවසන්න ඔබේ සියලු අදහස්..!