තරුණයා නෙට්වර්ක් [ආරම්භක ලිපිය]



   තරුණයා නෙට්වර්ක් වෙබ් අඩවිය 2012/09/22 දින ආරම්භ කරන ලදී.මෙම අඩවියේ කතුවරයා චින්තන වන මමයි.මෙම අඩවියේ ප්‍රධාන අරමුණ වනුයේ ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලය හෝ පරිගණක භාවිතා කරන මිනිසුන් හට ඒවා පිළිබඳව යම් දැනුමක් ලබා දීමයි.අන්තර්ජාලය තුල ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා පහළ ස්ථානයකි.එයට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකාවෙන් අන්තර්ජාලයට පිවිසෙන 90% ක් ජනයා හට
අන්තර්ජාලය ගැන මුලික දැනුමක් නොමැති කමයි.ඔවුන් බොහෝ විට කරන්නේ ෆේස්බුක් වැනි සමාජ ජාලයක සිට මිතුරන් සමග chat කිරීම හෝ අතිශය ජනප්‍රිය ගීත අන්තර්ගත වූ sinhalanka වැනි වෙබ් අඩවියකට ගොස් ගීත බාගත කිරීම වැනි දේය.නමුත් අන්තර්ජාලය කියන්නේ ඊට හාත්පසින්ම පුළුල් වූ වෙනම ලෝකයකි.මෙම ලෝකය තුළ හොඳ දේ මෙන්ම නරක දේද තිබිය හැකිය.නමුත් එයින් හොඳ දේ පමණක් ගැනීමට ශ්‍රී ලාංකික අප පුරුදු විය යුතුය.

   වර්තමාන ලෝකය ඉතා ශීඝ්‍රයෙන් තාක්ෂණික දියුණුවීමකට භාජනය වී ඇත.එමෙන්ම ලෝකයේ වැඩි වශයෙන් භාවිතා වන වචනය වනුයේ අන්තර්ජාලයයි.අන්තර්ජාලය තුලින් කළ හැකි දේ අසීමිතය.මෙමගින් නීත්‍යානුකූලව මුදල් සෙවීම පවා කළ හැකිය.අන්තර්ජාලය පිළිබඳ බොහෝ දැනුමක් සහිත පුද්ගලයන්ගේ රැකියාව වනුයේද මෙයයි.නමුත් එතරම් දක්ෂයන් වීමට අපට නොහැකි විය හැක.නමුත් උත්සහ වන්නතව අන්තර්ජාලය පිළිබඳව දැනුම ලබාගතහොත් අපගේ දියුණුවට මෙයම මගක් විය හැක.මා සතු බොහෝ දැනුම මෙම බ්ලොගය හරහා ඔබට දීමට මම සූදානම්ය.එබැවින් ඔබට හැකි පමණ ශ්‍රී ලාංකික ජනතාව අතර මෙම අඩවිය ප්‍රචලිත කරවීමට උත්සහ ගන්න.

   ඔබගේ අදහස් හා චෝදනා සියල්ල මාහට බොහෝ උපකාරී වේ.එබැවින් මෙම බ්ලොගයේ අනාගතය සඳහා ඔබගේ සියලු අදහස් කමෙන්ට් මගින් මා හට ලබා දෙන්න.එසේම මෙම බ්ලොගය ෆලෝව් කර ඔබගේ පූර්ණ දායකත්වය මට ලබා දෙන ලෙස ආරම්භක ලිපියෙන් ඉල්ලා සිටිමි.

0 comments:

පවසන්න ඔබේ සියලු අදහස්..!