Tharunaya Network.blogspot.com

Screen Record කරන්න අලුත් භාණ්ඩයක්

සුබ දවසක් යාලුවනේ.හුග කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ.අන්තිම ලිපිය ලියලත් ගොඩ කාලයක් වෙනවා කියල පේනවනෙ නේද? :P ... මොනව කරන්නද ... වෙලාවක් set කරගන්න බොහොම අමරුයිනෙ ... මොනව උනත් ඔයාල බය වෙන්න එපා... බ්ලොග් එක ලියන එක නම් නවත්තන්නෙ නැහැ.ඔයාල අපි හැමෝටම වැදගත් වෙන දෙයක් කියන්න දෙපාරක් හිතන්නෙ නැහැ.හරි .. එහෙනම් ඉතින් ඒ කතාව නවත්තල අද වැඩේ බලමු.

අද ඔයාලට දෙන්න යන්නෙ සුපිරි Software එකක්.ඔයාලට මතක ඇති මම මීට කලින් දුන්න Screen එක Record කරන්න පුලුවන් Sof එකක්.ඒ වගෙම සුපිරි භාණ්ඩයක් තමා අදත් දෙන්නෙ.කලින් දීපු Sof එක බාගන්න සහ Inatall කරගන්න එක එක කස්ටියට අමාරුයි කිව්වා.ලොකු ලොකු Sof නම් එහෙම තමයි.හැබැයි මේක එහෙම නැහැ. .... මොකක්ද මේ එක? ...

Ezvid කියල තමයි මේකට කියන්නෙ. මම use කරපු Software වලින් සුපිරිම එකක්. ආයෙ ඒකෙ කතා දෙකක් නැහැ.... විශේෂත්වය මේක 100% Free & Open Source Sof එකක්.

Screen Record කරන්න වගේම Video Edit කරගන්නත් තව එක එක වැඩ කෑලිත් මේකෙ තියෙනවා.. එහෙනම් ඉතින් ඔයාලම Download කරගෙන බලන්න කොහොමද කියලා.Post එක ප්‍රයොජනවත් නම් කොමෙන්ට් එකක් දාල Like එකකුත් දාල යන්න.අලුත් ලිපි ගොඩක් දෙන්න තියෙනවා.ඒ ටිකත් ඉක්මනටම දෙන්නම්.

Download From Offical Web



එහෙනම් අපි ගියා.....
ඉතිරිය කියවන්න »

Windows 8.1 RTM නොබෝ දිනකින් නිකුත්වේ


Microsoft සමාගමේ අලුත්ම නිර්මාණය වෙච්ච Windows 8 ඔයාල අපි හැමෝම අතරේ ගොඩක් ප්‍රසිද්ද වෙච්ච ඒවගේම ගොඩක් අපුරු නිර්මාණයක්.ඉතින් Windows 8 වල තවත් අලුත් සංස්කරණයක් වන Windows 8.1 RTM ගැනත් පහුගිය කාලේ එක එක තොරතුරු අපට අහන්න දකින්න ලැබුනා.ඔන්න දැන් Microsoft සමාගම මේ ගැන නිල වශයෙන් නිවේදනයක් දීල තියෙනවා ඔක්තෝම්බර් මාසයේ දී release කරනවා කියල.ඇත්තටම මෙච්චර කාලයක් කරපු හැමදෙයක්ම ගින්දර වගේම තිබුනනේ.Microsoft සමාගම නිල නිවේදනය දීලා ටික වෙලාවකට පස්සේ Windows 8.1 RTM හි final build එකේ චීන සංස්කරණය අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා.



ඉතිරිය කියවන්න »

ලේසියෙන්ම IP එක වෙනස් කරගන්න



මේ ලිපියෙන් මම ඔයාලට කියල දෙනවා අපේ IP Address එක ලේසියෙන්ම ඕන වෙලාවක වෙනස් කරගන්නේ කොහොමද කියල. එක එක අය එක එක ක්‍රම පාවිච්චි කරනවා. මම මේ දෙන ක්‍රමෙත් ගොඩක් පහසු වගේම 100% සාර්ථක ක්‍රමයක්. බලමු එහෙනම් මොකක්ද කියල.

මේක පුංචි Software කෑල්ලක්. Download කරගෙන Install කරගන්න විතරයි තියෙන්නේ. මම මීට කලිනුත් IP එක Hide කරන්න පුළුවන් Software එකක් ඔයාලට දුන්න මතක ඇති. නමුත් ඒ Software එක Install කරද්දී පොඩ්ඩක් අවුල් ඇති වෙන නිසා ඒකට ගොඩක් අය කැමති වුනේ නැහැ. නමුත් මේක නම් එහෙම නැහැ.Install කරන්නත් ලේසියි. ඒවගේම ලෝකේ ගොඩක් රටවල එක එක IP දීල තියෙනවා. ඔයාලට තියෙන්නේ කැමති තැනක IP එකක් තෝරාගන්න එක විතරයි.ඒවගේම මේ Software එක 100% Free Software එකක්.ඒනිසා කිසිම කරදරයක් ඇති වෙන්නෙත් නැහැ. එහෙනම් පහලින් Software එක Download කරගන්න. අපැහැදිලි තැනක් තියෙනවා නම් කොමෙන්ට් කරලා දැනගන්න.

වැඩේ හරි නේද? එහෙනම් කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා... !
ඉතිරිය කියවන්න »

ඕනෑම Device එකකින් FB Status දාමු


සුබ දවසක් යාළුවො හැමෝටම.ඔන්න අද මම ආවේ ටිකක් අලුත් විදියේ වෙනස් විදියේ වැඩ කෑල්ලක් අරගෙනයි.මොකක්ද මේක? ඉතින් පහලින් විස්තරේ කියවලම බලමුකෝ මොකක්ද වැඩේ කියල.

ඔයාල කැමති ඇතිනේ IPhone,BlackBerry,Nokia 1200,Samsung Galaxy S3,Samsung Galaxy S4 වගේ Device එකකින් Facebook Status එකක් දාන්න.වෙන මොහොකටවත් නෙමෙයි ඉතින්.ඒ වගේ Device එකකින් Status එකක් දැම්මම කාටද ආඩම්බර? නේද? .... එත් ඉතින් ඔය වගේ හොද Device ගන්න අපි හැමෝටම බැහැනේ.ඒවුනාට ඒවගේ හොද Device එකකින් Status දාන්න නම් දැන් අපි හැමෝටම පුළුවන් .... පොඩි Trick එකක් තමයි තියෙන්නේ.මේකෙන් ඔයා දාන Status වල Via කියන කෑල්ලට ඔයා කැමති Device එකක් දාගන්න පුලුවන්. කොහොමද වැඩේ මරු නේද?

මෙච්චරයි කරන්න තියෙන්නේ. පහල තියෙන Device වලින් ඔයාට කැමති Device එකක් තෝරලා ඒක Click කරාම එන Page එකෙන් ඔයාගේ Status එක දාන්න. ඊට පස්සේ ඔයාටම බලාගන්න පුළුවන් වැඩේ කොහොමද කියල.


එහෙනම් යාලුවනේ ලිපිය හොදයි නම් ඔයාල කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.

හැමෝටම සුබම සුබ දවසක් !
ඉතිරිය කියවන්න »

නිකං ඉන්න ගමන් කීයක් හරි හොයාගමුද? | අනිවාරෙන්ම කියවන්න !!!



 ආයුබෝවන් යාලුවො හැමෝටම.මගෙන් ගොඩක් දෙනෙක් ඇහුවා E-money ගැන කියල දෙන්න පුළුවන්ද කියල.ඉතින් ඔයාලගෙ ඉල්ලීම් අහක දාන්න බැරි නිසා අපි හැමෝටම කරන්නත් පුලුවන්, ගොඩක් ලේසියෙන් සල්ලි හොයාගන්න පුලුවන් ක්‍රමයක් ගැන මේ විදියට ලිපියක් ලියනවා.ඒක නිසා හැමදෙනාම මේ ලිපිය පුලුවන් තරම් හොඳට කියවන්න කියල ඉල්ලනවා.

මේ වැඩේ ගැන මමත් හරියටම දැනගත්තෙ මේ ළගදි. ඒ වුනාට ගොඩක් විශ්වාසවන්ත වැඩක් නිසා තමයි ඔයාලටත් කියන්නෙ. ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ.

මේකෙන් සල්ලි හොයන එක කිරි කජු වගේ. 100% මුදල් ලැබෙනවා. අපිට කරන්න කිසිම දෙයක් නෑ . නෑ කිව්වට අපිට එක දෙයක් කරන්න වෙනවා. ඒ තමයි පොඩි Software එකක් බාගෙන ඉන්ටෙර්නෙට් එකට Connect වෙලා ඉන්න එක. වෙන කරන්න කිසිම දෙයක් නෑ.

 මේක කරන්නේ කොහොමද කියල මම පිළිවෙලට කියල දෙන්නම්. මේකේ තියෙන ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් system එක නිසාම මේක මුල්ම වතාවට active කරගන්න ටිකක් අමාරුයි. මම කියන විදියට කරොත් ඔයාට කිසි අව්ලක් වෙන එකක් නෑ .

1) මුලින්ම මේ link එකට ගිහින් ලියාපදිංචි වෙන්න. - Click here And Register

    ඔයාට ලැබෙන Form එකේ තියෙන විස්තර ටික නිවැරදි තොරතුරු දාල පුරවන්න.ඊට පස්සෙ ඔයා දීපු email එකට ලොග් වෙලා members තොරතුරු ටික නැවත දැනගන්න පුළුවන්.එතනම තියෙන link එකෙන් Login වෙන්න යන්න.

2) Phone Number එක verify කරගන්න

 Login වුනාට පස්සේ ඔයා ඔයාගේ phone number එක verify කරන්න ඕන. එහෙම නොකළොත් නම් ඔයාට සතයක් වත් ලැබෙන්නේ නම් නැහැ. Personal >> Profile එකට යන්න.ඊට පස්සෙ ඔයාගේ Phone number එක දීල එයාල එවන code එක ඒ number එකටම reply කරන්න විතරයි තියෙන්නේ.
සාර්ථකව phone number එක Verify කරාට පස්සේ ඔයාගේ Profile එකේ මෙහෙම පෙනේවි.




 

3) Software එක Download කරගන්න

 දැන් ඔයාට තියෙන්නේ මේ site එකෙන් දෙන පොඩි Software එක Download කරගෙන Install කරගන්න(Click Download page). 3mb විතර පොඩි software එකක්. බය නැතුව install කරගන්න. virus මුකුත් නෑ. මේකෙන් කොහොමද අපිට සල්ලි හම්බවෙන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ කියල මම අන්තිමට දාන්නම්.

4) Install කරන්න කලින්

 Software එක දාන්න කලින් .net framework එක install කරන්න.ඒක නැතුව softwere එක වැඩ කරන්නේ නෑ. Download .net framework Click here.

5) දැන් Software එක Install කරගන්න

පොඩ්ඩක් ඉවසල ඉන්න. දැන්ම සල්ලි හම්බවෙන්නේ නෑ :P තව පොඩි වැඩක් තියෙනවා කරන්න. ලේසියෙන් සල්ලි හම්බවෙන නිසා මේක start කරන එක නම් එච්චර ලේසියෙන් කරන්න මේගොල්ලෝ අපිට දෙන්නේ නෑ. Phone number එක verify කරපු page එකේ screenshot එකකුයි ඔයාගේ ID එකේ photo එකකුයි මෙයාලට යවන්න වෙනවා. ID එක වෙනුවට ඔයාගේ Driving Licence එකේ හරි Passport එකේ හරි ඔයාගේ නම ගම විස්තර තියෙන කොටසත් එක්කම photo එකක් නැත්නම් scan image එකක් මෙයාලට යවන්න ඕන. (අපේ ID එකේ සිංහලෙන් තියෙන නිසා English වලින් ඔයාගේ විස්තර තියෙන ID එකක් යවන්න) එහෙම නොකලොත් අපිට සල්ලි හොයන්න දෙන්නේ නෑ. මොකද අපි වංචා කරයි කියල තමයි මෙයාල මේවා අපෙන් ඉල්ලන්නේ.

වැඩේ කරගන්නෙ මෙහෙමයි !!!

6) Profile Page එකට ගිහින් ඒකෙ screenshot එකක් අරගන්න

7)  ඔයාගෙ Driving Licence Copy එකක් හරි Passport Copy එකක් හරි Scan කරල Computer එකේ තියාගන්න [ ඔයා ළග එහෙම ඒව නැත්නම් ගෙදර කාගෙ හරි Copy එකක් උනත් ගන්න පුලුවන්.හැබැයි තොරතුරු English වෙන්නත් ඕනෙ]

8) ඔය මම කියපු Screenshot එකයි ID එකේ Scan Photo එකයි මේ site එකට upload කරන්න ( http://imgur.com ). Upload උනාට පස්සේ ඒ පින්තුර වල URL එක අරගන්න. ඊට පස්සේ මේ photos වල පෙන්නලා දෙන විදියට කරන්න.

මේ Tickets කියන පිටුවට යන්න.



දැන් New Ticket කියන එකට යන්න. ඊට පස්සේ මේ වගේ window එකක් එයි.



 දැන් ඔයාට තියෙන්නේ මම දෙන මේ ටික copy කරලා paste කරන්න.

Subject එකට මේක දාන්න.

 " Activating the free thread "

Question එකට මේක දාන්න.

" I am new to this site and I want to try how this system works. So I would like to get the free thread. Here are the things you want to confirm my account.

Here is the link to my ID.
(ඔයාගේ ID එක upload කරලා ගත්ත image URL එක මෙතන paste කරන්න.)

Here is the screenshot of my phone number verification
(ඔයාගේ phone number එක verify කරලා ගත්ත screenshot එකේ image URL එක මෙතන paste කරන්න.)

Please review these documents and give me the free thread. Please reply soon.
Thanks.

අමාරු හරිය දැන් ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ ඔය ticket එක send කරලා එයාලගෙන් reply එකක් එනකන් බලන් ඉන්නයි. දවසක් ඇතුලත ඒවි.

දැන් ඔයාට කරන්න තියෙන්නේ internet එකට connect වෙලා සොෆ්ට්වරේ එක on එකේ තියන්න විතරයි. ඒක minimize කරලා තියල ඔයාගේ ඕනෑම වැඩක් කරගන්න. ඔයාගේ ගිණුමට මුදල් එකතුවෙයි නිකන්ම. ඔයාට මුකුත් කරන්න දෙයක් නෑ. අසයි නේද? ඔව් පුදුමයි එත් ඇත්තයි. මේකෙන් දවසට $1 ගානේ මුකුත් නොකරම ගන්න පුළුවන්. Payza, Paypal, Credit Card Payments ඕනෑම විදියකට අපේ මුදල් ගෙන්න ගන්න පුළුවන්. Minimum payout එකක් නෑ. ඕනෑම ගානක් ගෙන්න ගන්න පුළුවන්. මම හැමදාම $1 ගානේ ගෙන්න ගන්නවා. ඒ ගෙන්න ගත්ත මුදල් වල screenshots ටිකක් තමයි මේ.



 මම දැන් කියන්නම් කොහොමද අපි නිකන් ඉන්නවට අපිට ගෙවන්නේ කියල. සිද්දිය මෙකයි. ඔයාල මේ join වෙන්නේ ලෝකෙන් 15 වෙනි ලොකුම computer network එකත් එක්ක. ඔයාල install කරගන්න software එකෙන් ඔයාගේ computer එකත් මේ network එකේ කොටසක් බවට පත්වෙනවා. මෙයාල අපේ computer එකේ අපි use කරන්නේ නැති processor speed එක යොදාගන්නවා විවිද projects වලට calculations වලට. එකට අපේ computer එක මෙයාලට දෙනවට තමයි අපිට ගෙවන්නේ. හොඳයි නේද? බයවෙන්න කිසි දෙයක් නෑ . මේකෙන් අපේ computer එකට හානියක් වත් අපේ speed එක පොඩ්ඩක් වත් අඩු වීමක් වත් සිද්ද වෙන්නේ නෑ.

ඔයාගේ account එක active උනාම software එකේ මෙහෙම පෙනේවි.



 හරියට active වෙනකන් Threads 0 කියල පෙන්නාවි. ඒ නිසා හරියට activate කරගන්න.එතකන් ඔයාට මුදල් ගෙවන්නේ නෑ. ඒ නිසා මම කියල තියෙන විදියට පිළිවෙලට කරලා ඔයාගේ account එක නියම විදියට activate කරගන්න.
අහා මගේ account එකේ මුදල් අඩු ඇයි කියල බැලුවද? ඒ මම දවස ගානේ මම හොයන මුදල මගේ payza ගිණුමට බැර කරන නිසා. :D

මම මේ කියල දුන්නේ මේ software එකෙන් දවසට $1ක් විතරක් හොයන හැටි විතරයි. එත් ඔයාලට පුළුවන් ඊටත් වඩා වුනත් හොයන්න. Site එකත් එක්ක ටික කාලයක් ඉන්නකොට ඔයාලටම තේරේවි ඒ කොහොමද කියල.

ඉතින් මම දන්න තරමට නම් නිකං ඉදලා සල්ලි හොයන්න පුලුවන් මෙහෙම විතරයි.මේක ඔයලාට ගොඩක් ප්‍රයොජනවත් වේවි කියල හිතනවා.මේ Chance එකෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද කියන එක ඔයාගෙ තීරණයක්.උදව්වක් ඕනෙ නම් comment කරන්න. මම ඕන වෙලවක හෙල්ප් කරනවා.ඔබ සමට ජය  !!!!

ඉතිරිය කියවන්න »

Pen එකෙන් PC එක Lock කරමු


ගොඩ කාලෙකින් බ්ලොග් එකට post එකක් දාන්නෙ.ගිය දවස්වල E-money කරපු නිසා නිදාගන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ.ඒත් ඉතින් මම E-money වලින් සෑහෙන්න ගානක් හෙව්වා $$$.ඒව ගැන මම බ්ලොග් එකේ කියන්නෙ නැහැ. E-money ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් මාව පෞද්ගලිකව Facebook එකෙන් හම්බවෙන්න.

හරි ... එහෙනම් අපි වැඩේට බහිමු...

පොඩි ගැජට් එකක් ඒ කිව්වෙ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා මෙතනින්  බාගන්නකො.මේකෙන් වෙන වැඩේ කියන්නම්කො,

ඔය සොෆ්වෙයාර් එකෙන් වෙන්නෙ අපේ පෙන් එක එක්තරා විදියක යතුරක් බවට පත් කරන එක, ඒ කියන්නෙ අපි දැන් ඔය සොෆ්ට් එක Install කරලා settings වගයක් හදලා run කළාම ඒ සොෆ්ට්වෙයාර් එක මගින් අපේ USB Pen drive එක අදුන ගන්නවා, ඒ වගෙම පොඩි ෆයිල් එකක් හැදෙනවා එ සොෆ්ට්වෙයාර් එක මගින් පෙන් එක ඇතුලෙ.ඒ විදියට Pen එක අදුර ගෙන ෆයිල් එක හැදුවට පස්සෙ තත්පර ගානකට(වෙනස් කිරිමට හැකිය) පාරක් Predator කියන මෙව්වා එකෙන් Auto scan වෙනවා අපෙ USB port. එහෙම scan වෙන වෙලාවෙ පෙන් එක USB port එකට ගහලා නොතිබුනොත් වැඩේ කේස් ඔන්න මැශින් එක LOCK වෙනවා.

අපි මුලින් සොෆ්ට්වෙයාර් එකට හදුන්වා දීපු පෙන් එක plug කරලා නැතිනම් මැශින් එකෙන් වැඩක් ගන්න බැ. !!!

නැවත යතා තත්වයට ගන්න නම් පෙන් එක plug කළාම auto scan වෙලා lock එක අයින් කරනවා..

දැන් කස්ටියට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි පෙන් එක නැති උනොත් මොකද වෙන්නෙ කියලා
කිසි අව්ලක් නෑ අපි දුන්න password එක දන්නව නම් Keyboard එක මගින් ඒක ඇතුලු කරලා නැවත යතා තත්වයට ගන්න පුලුවන්

(Enter Key එක කිහිපවරක් එබීමෙන් Password එක ඇතුල කල යුතු තැන පෙන්වනවා)

තත්පර 20ක් ඇතුලත password එක දෙන්න ඕනෙ. නැතිනම් Alarm එක වැදෙනවා මහ සද්දෙන්.

මෙන්න වැදගත් settings page එක



ඕකෙ උඩම තියෙන read interval කියන එක තමයි scan වෙන වෙලාව හදනන්න තියෙන්නෙ. කැමති ගානක් දෙන්න.

Screen Darkness කියන එක අඩු කරන්න. නැතිනම් මුලු screen එකම කලු වෙනවා..

New Password කියන තැනට දෙන්න තමන් කැමති password එකක්, ටිකක් දිග එකක් දෙන්න අකුරු 5 වැඩි ඊට පස්සෙ pen එක plug කරලා create key කියන එක ඔබන්න

දැන් උඩම තියෙන OK කියන එක ඔබන්න දැන් පටන් ගන්නවා scan වෙන්න පෙන් එක plug කරලා නැතිනම් මැශින් එක ලොක් වෙනවා

හදිසියෙවත් පෙන් එක නැති උනොත් බය වෙන්න එපා lock උනාට පස්සෙ enter key එක කිහිප වතාවක් ඔබන්න ඉට පස්සෙ එනවා password එක දෙන තැනක් අන්න එතනට password එක දෙන්න...

වැඩේ හොඳයි නම් කමෙන්ට් එකක් දාලා share පාරකුත් දෙන්න..
ඉතිරිය කියවන්න »

Windows 7 Transform Pack for XP


සුබ දවසක් ඔයාල හැමෝටම.මේ දවස් ටිකේ මම E-Money වලට අත ගහල ඉන්න නිසා අලුත් ලිපියක් ලියන්න ප්‍රමාද උණා.මොකද E-Money කරනකොට නිදාගන්නවත් බැරිවෙන වෙලාවල් තියෙනවනේ.හරි...ඒ කොහොම උණත් අදත් මම ඔයාලට වැදගත් වේවි කියල හිතුන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ.

ලංකාවෙ ගොඩක් කට්ටිය තාමත් පාවිච්චි කරන්නෙ Windows XP.ඉතින් XP පාවිච්චි කරන අයට තමා මේ ලිපිය ලිව්වෙ.ඔයාල දන්නව ඇතිනෙ Windows 7 වල තියෙන Graphics වල කොලිටිය.Windows 8 වලටත් වඩා මම නම් ආස කරන්නෙ Windows 7 වලට තමා.ඉතින් ඔයාලටත් පුළුවන් Windows XP පද්ධතිය Windows 7 interface එකට transform කරගන්න.

මේකෙ නම Windows 7 Transformation Pack for XP.නමෙන් තේරුම් ගන්න පුළුවන්නෙ.ගොඩක් දෙනා Windows 7 වලට ආස කරන්නෙ Window Transparency එක නිසා.ඒ කියන්නෙ වීදුරුවක් වගේ ස්වභාවය නිසා.මේ Transparency එක කිසිම Software එකක් භාවිතා කරල XP වලට දෙන්න බැහැ.නමුත් මෙම  Transformation Pack එක නිසා Original Windows 7 වලටත් වඩා කොලිටියට Windows Graphics Transformation වෙනවා.දකින කිසිම කෙනෙකුට කියන්න බැහැ XP,7 වලට Transform කරල කියල.

හරි...ඔයිට වැඩිය මම කෙල හලන්න යන්නෙ නැහැ.පහළින් pack එක Download කරගෙන install කරගන්න.අනිත් අයටත් දැනගන්න FB එකට share එකකුත් දෙන්න.එහෙනම් මම ගියා.ඉක්මනටම තවත් වැදගත් දෙයක් අරන් එන්නම්.





ඉතිරිය කියවන්න »

ඔබේ පරිගනකයටත් ESET 6 !


පහුගිය දවස් ටිකේ ගොඩක් වැඩ තිබුන නිසා බ්ලොග් එකට පෝස්ට් දාන්න වෙලාවක් තිබ්බෙ නෑ.බ්ලොග් එකට ආපු අය හිතන්න ඇති පෝස්ට් ලියන එක නවත්වල කියල.ඉඩක් ලැබෙන හැම වෙලාවකම වැඩක් ඇති දෙයක් ගැන ලිපියක් ලියනවා.ඒ වගේම 2012 අවුරුද්දට ලියන අවසාන ලිපිය නිසා මේ ලිපිය බොහොම වැදගත් වේවි කියල හිතනවා.


හොඳයි.....අද කියන්නෙ පස්ටම පස්ට වයිරස් ගාඩ් එකක් ගැන.එක එක වර්ගයේ වයිරස්ගාඩ් තිබුණත් හැමදේටම ඔරොත්තු දෙන හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න අමාරුයි.ESET කියල කියන්නෙ දැනට ලෝකයේ හොඳම වයිරස්ගාඩ් නිෂ්පාදනය කරන ආයතනයක්.ESET ආයතනය විසින් නිෂ්පාදනය කරන වයිරස් ගාඩ් ඉතාම හොඳ තත්වයක තියෙනවා.ඒ වගේම ඕනෑම පරිගනකයක ඉතා පහසුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්.



2013 වර්ෂය සඳහා නිකුත් කරන අලුත්ම සංස්කරණය තමයි ESET Smart Security 6.මෙම වයිරස් ගාඩ් එක අනෙකුත් වයිරස්ගාඩ් සමග සසඳා බැලීමේදී පරිගණකයට ඉතාමත් සුවිශේෂී ආරක්ෂාවක් ලබාදෙනවා.ඕනෑම වර්ගයේ වයිරස් එකක් ඉතා සුළු මොහොතකින් සොයාගන්නට මෙයාට පුළුවන්.ඒ වගේම Pentium 4 වර්ගයේ මන්දගාමී පරිගනකයක වුවත් මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන්.පරිගනකයේ වේගයට කිසිම හානියක් වෙන්නෙ නෑ.අනෙක් විශේෂත්වය තමයි පරිගනකයේ මුළු Hard Disk එකම Scan කරන්න යන්නෙ බොහොම පොඩි වෙලාවයි.මේ දේවල් කියන්නෙ මගේ අත්දැකීමෙන්.මොකද මගේ පරිගනකයේ Kaspersky 2013 Internet Security එකෙන් අල්ලන්න බැරි වෙච්ච මැල්වෙයාර් එකක් ESET Smart Security 6 එකෙන් ඇල්ලුවා.ඉතින් තව මොන කතාද?


කරන්න තියෙන්නෙ මෙච්චරයි.පහළ ලින්ක් එකෙන් ESET Smart Security 6 Trial එක බාගෙන Install කරගන්න. ඊ ට පස්සෙ මේ Activate Username සහ Password එකක් දීල Active කරගන්න.ඉක්මන් කරන්න.Key එක valide වෙන්නෙ 19-02-2013 වෙනකම් විතරයි..


DOWNLOAD ESET SMART SECURITY 6 TRIAL

Activation UserName and Password


 Username:

EAV-76001331
 Password:
 csksdhnh4p
 18-02-2013

 Username:

EAV-76001314
 Password:
 68en6jt87c
 18-02-2013

 Username:

EAV-76001348
 Password:
 enar28u3ek
 18-02-2013

 Username:

EAV-76001315
 Password:
 s38h6rt3fv
 18-02-2013

 Username:

EAV-76115510
 Password:
 tpke43mxds
 19-02-2013

හොඳයි එහෙනම් ලබන්නාවූ 2013 නව වසර ඔබ සැමට වාසනාවන්ත නව වසරක් වේවායැයි ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා.නොබෝ දිනකින් ඊළඟ ලිපියෙන් හමුවෙමු.
ඉතිරිය කියවන්න »

Windows 8 Pen එකෙන් Install කරමු


සුබ දවසක් යාළුවනේ...පාසල් නිවාඩුවත් හම්බ වෙච්ච නිසා දැන් නිදහසේ බ්ලොග් එකට පෝස්ට් ලියන්නත් පුළුවන්.ඒ හින්දා හැමෝටම කියනවා දිගටම තරුණයා නෙට්වර්ක් එක්ක ඉන්න කියලා.හොඳයි අපි දැන් මාතෘකාව ගැන බලමු.මේ ලිපිය ලියන්න මාතෘකා උනේ Windows 8 අලුත් විදියකට ඉතා පහසුවෙන් තමන්ගෙ පරිගනකයට ස්ථාපනය කර ගන්නෙ කොහොමද කියල පෙන්වන්නයි.ඔයාල තාමත් Windows 8 ගැන ලියවුනු සවිස්තරාත්මක ලිපිය කියෙව්වෙ නැත්නම් මෙතනින් ඒ ලිපිය කියවල එන්න.ගොඩක් දෙනා දැනටමත් Windows 8 install කරගෙනත් ඇති.Install කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඇති.ඉතින් ඒ අයට කිසිම අවුලක් නැතුව USB Drive එකකින් install කරගන්න පුළුවන්.

මෙහෙම කිව්වාම ගොඩක් දෙනා හිතනවා ඇති Windows 8 DVD එකක් තියෙද්දි මොන මගුලටද USB Pen වලින් ගහන්න යන්නෙ කියල.එහෙම හිතන එකේ වැරද්දකුත් නෑ.ඔයාලට Windows 8 DVD එකක් මිලදී ගන්න පුළුවන්නම් මේක කරන්න උවමනා නැහැ.ඒත් ඉතින් නොමිලේ බාගෙන හැමදාටම තියා ගන්න පහසුකම් තියෙද්දිත් මිලදී ගන්න තරම් මෝඩ වැඩ කරන්න එපා.මම කලින් Windows 8 ගැන ලියපු ලිපියෙන් ඔයාලට පුළුවන් iso file එක බාගන්න.Windows 8 වල iso file එක බාගත්තට පස්සෙ ඒක install කරගන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා.අපි හැමෝම දන්න පළවෙනි ක්‍රමේ තමයි ඒ iso file එක DVD එකකට Burn කරගන්න එක.DVD එකෙන් පරිගනකය boot කරල Windows 8 install කරන්න පුළුවන්නෙ.දෙවෙනි ක්‍රමේ තමයි USB Pen Drive එකකින් install කරන එක.හැබැයි කලින් කළා වගේ කරන්න බැහැ.එහෙනම් පහළින් බලාගමු නිවැරදිව USB Drive එකකින් Windows 8 install කරන ක්‍රමේ.




  • තවමත් Windows 8 බාගත්තෙ නැත්නම් මෙතන ක්ලික් කරන්න.(iso නම් file එකක් download වෙවි)
  • USB Pen Drive එක පරිගනකයට සම්බන්ධ කරන්න
  • 'Windows 7 USB/DVD Download Tool' මෘදුකාංගය බාගන්න-Download From Microsoft
  • එය Install කරගන්න
  • Windows 7 USB/DVD Download Tool open  කරන්න
  • Browse විධානය දී ඉහත ඔබ බාගත් Windows 8 iso file එක පෙන්වාදෙන්න (Next යන්න)
  • USB device ක්ලික් කරන්න
  • ඉන්පසු ඔබට අවශ්‍ය USB Pen Drive එක click කර Begin copying ලබා දෙන්න
  • එවිට Windows 8 iso file එක USB Pen එකෙන් boot වෙන පරිදි copy වේ.අවසන් වූ පසු එය cancel කරන්න.
  • දැන් ඔබේ පරිගනකය Restart කර First Boot Device USB Pen Drive එකට වෙනස් කරගන්න.එවිට ඔබේ Pen එකෙන් Windows 8 Installation එක ක්‍රියාත්මක වේ.
මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් උනානම් යන්න කලින් අදහස් කමෙන්ට් කරලා FB Page එකට Like එකකුත් දීල යන්න.තාමත් බ්ලොග් එක ෆලෝව් කළේ නැත්නම් දැන්ම ෆලෝව් කරන්න.එහෙනම් ඉක්මනටම තවත් ලිපියකින් හමුවෙමු.
ඉතිරිය කියවන්න »