Windows 8 Pen එකෙන් Install කරමු


සුබ දවසක් යාළුවනේ...පාසල් නිවාඩුවත් හම්බ වෙච්ච නිසා දැන් නිදහසේ බ්ලොග් එකට පෝස්ට් ලියන්නත් පුළුවන්.ඒ හින්දා හැමෝටම කියනවා දිගටම තරුණයා නෙට්වර්ක් එක්ක ඉන්න කියලා.හොඳයි අපි දැන් මාතෘකාව ගැන බලමු.මේ ලිපිය ලියන්න මාතෘකා උනේ Windows 8 අලුත් විදියකට ඉතා පහසුවෙන් තමන්ගෙ පරිගනකයට ස්ථාපනය කර ගන්නෙ කොහොමද කියල පෙන්වන්නයි.ඔයාල තාමත් Windows 8 ගැන ලියවුනු සවිස්තරාත්මක ලිපිය කියෙව්වෙ නැත්නම් මෙතනින් ඒ ලිපිය කියවල එන්න.ගොඩක් දෙනා දැනටමත් Windows 8 install කරගෙනත් ඇති.Install කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඇති.ඉතින් ඒ අයට කිසිම අවුලක් නැතුව USB Drive එකකින් install කරගන්න පුළුවන්.

මෙහෙම කිව්වාම ගොඩක් දෙනා හිතනවා ඇති Windows 8 DVD එකක් තියෙද්දි මොන මගුලටද USB Pen වලින් ගහන්න යන්නෙ කියල.එහෙම හිතන එකේ වැරද්දකුත් නෑ.ඔයාලට Windows 8 DVD එකක් මිලදී ගන්න පුළුවන්නම් මේක කරන්න උවමනා නැහැ.ඒත් ඉතින් නොමිලේ බාගෙන හැමදාටම තියා ගන්න පහසුකම් තියෙද්දිත් මිලදී ගන්න තරම් මෝඩ වැඩ කරන්න එපා.මම කලින් Windows 8 ගැන ලියපු ලිපියෙන් ඔයාලට පුළුවන් iso file එක බාගන්න.Windows 8 වල iso file එක බාගත්තට පස්සෙ ඒක install කරගන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා.අපි හැමෝම දන්න පළවෙනි ක්‍රමේ තමයි ඒ iso file එක DVD එකකට Burn කරගන්න එක.DVD එකෙන් පරිගනකය boot කරල Windows 8 install කරන්න පුළුවන්නෙ.දෙවෙනි ක්‍රමේ තමයි USB Pen Drive එකකින් install කරන එක.හැබැයි කලින් කළා වගේ කරන්න බැහැ.එහෙනම් පහළින් බලාගමු නිවැරදිව USB Drive එකකින් Windows 8 install කරන ක්‍රමේ.




  • තවමත් Windows 8 බාගත්තෙ නැත්නම් මෙතන ක්ලික් කරන්න.(iso නම් file එකක් download වෙවි)
  • USB Pen Drive එක පරිගනකයට සම්බන්ධ කරන්න
  • 'Windows 7 USB/DVD Download Tool' මෘදුකාංගය බාගන්න-Download From Microsoft
  • එය Install කරගන්න
  • Windows 7 USB/DVD Download Tool open  කරන්න
  • Browse විධානය දී ඉහත ඔබ බාගත් Windows 8 iso file එක පෙන්වාදෙන්න (Next යන්න)
  • USB device ක්ලික් කරන්න
  • ඉන්පසු ඔබට අවශ්‍ය USB Pen Drive එක click කර Begin copying ලබා දෙන්න
  • එවිට Windows 8 iso file එක USB Pen එකෙන් boot වෙන පරිදි copy වේ.අවසන් වූ පසු එය cancel කරන්න.
  • දැන් ඔබේ පරිගනකය Restart කර First Boot Device USB Pen Drive එකට වෙනස් කරගන්න.එවිට ඔබේ Pen එකෙන් Windows 8 Installation එක ක්‍රියාත්මක වේ.
මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් උනානම් යන්න කලින් අදහස් කමෙන්ට් කරලා FB Page එකට Like එකකුත් දීල යන්න.තාමත් බ්ලොග් එක ෆලෝව් කළේ නැත්නම් දැන්ම ෆලෝව් කරන්න.එහෙනම් ඉක්මනටම තවත් ලිපියකින් හමුවෙමු.

9 comments:

  1. machan uba godak hodata blog ekata post danawa ! Good luck

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කොල්ලො......

      Delete
  2. තෑන්ක්ස් බ්‍රෝ

    ReplyDelete
  3. Superrrrrrrrrrrr.Oyage Blog Eka Kiyala Wadak NAaaaaaaaa

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි...ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව.

      Delete
  4. machan meken windows xp pen eken danna baraida

    ReplyDelete
  5. මම දන්න විදියට නම් Windows XP boot.iso file එකක් හොයා ගන්න නැහැ. තියෙනවද කියල නම් දන්නෙ නැහැ. ඒත් ඉතින් XP install කරගන්න CD තියෙන නිසා Pen use කරන්නෙ මොකටද ... :P

    ReplyDelete
  6. mcn windows 7 me vidihata gahanna baida bn....

    ReplyDelete

පවසන්න ඔබේ සියලු අදහස්..!