ලංකාවෙ අපේම කොල්ලෙක්ගෙ O/S එකක්


සුබ දවසක් ඔයාල හැමෝටම.දෙසැම්බරයේ නත්තල් සීතලත් එක්ක 2013ත් ළඟ ළඟම එනවා.හරි...ඒ කොහොම වුණත් අපිට කමක් නෑ.ඒහෙනම් දැන් බලමු මොකක් ගැනද අද කතා කරන්නෙ කියලා.අද කියන්නෙ පුංචි ලංකාවෙ ඉන්න අපිට නෙට් එකේ ටිකක් ආඩම්බර වෙන්න පුළුවන් කතාවක්.ඔයාල දන්නවනෙ ඔක්තෝම්බර් මාසෙ Microsoftලගෙ අලුත්ම නිෂ්පාදනය වන Windows 8 නිකුත් උණා.ඒත් සමඟම operating system ලෝකයේ නව පිටුවක් පෙරළුණා.

හැමෝම Windows 8 ගැන කතා වෙන අතරෙ අපේ ලංකාවෙ පොරක් පලමු වතාවට operating system එකක් හදල කියල ආරංචියක් ආවා.හැබැයි operating system කියන්නෙ මොකක්ද කියලනම් දැන් අහන්න එපා.මේ ගැන සවිස්තරාත්මක තොරතුරු මම ලියන්න යන්නෙ නෑ.මොකද එහෙම උනොත් මම ඒ නිෂ්පාදනයෙ තොරතුරු කොපි කලා වෙනවා.ඔයාලට පුළුවන් පහළ වෙබ් එකෙන් ඒ ගැන හොඳ තොරතුරක් දැන ගන්න.


www.cylonlinux.weebly.com


Cylon Linux කියල තමයි මේක හඳුන්වන්නෙ.බැලූ බැල්මට නම් Windows 8 කැලේ.හැබැයි ඉතින් ඇත්තටම පින්තූර වල විදියටම තියෙනව නම් ඒක නියම වැඩක් කියල කියන්න ඕනෙ.ඒත් ඉතින් මේක ලංකාවනෙ.අපේ මිනිස්සුන්ගෙ හැටි ඉතින් කවුරුත් දන්නවනෙ.මඩ ගහන්න කියනව නම් නෙමෙයි.අපේ හෙංචයිලව විශ්වාස කරන්න ටිකක් අමාරුයි නෙ.මොනව උනත් අපේ දේ අපි අගය කරන්න ඕනෙ.


Cylon Linux බාගන්න ඕනෙ නම් පහත අඩවියෙන්ම බාගන්නත් පුළුවන්.හොඳයි එහෙනම් ඔයාලගෙ ප්‍රතිචාර දාලා යන්න.තවත් වටිනා ලිපියක් ඉදිරියෙදි ගේනවා.එහෙනම් දැනට මම ගියා.


www.cylonlinux.weebly.com/download.html

0 comments:

පවසන්න ඔබේ සියලු අදහස්..!