Pen එකෙන් PC එක Lock කරමු


ගොඩ කාලෙකින් බ්ලොග් එකට post එකක් දාන්නෙ.ගිය දවස්වල E-money කරපු නිසා නිදාගන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ.ඒත් ඉතින් මම E-money වලින් සෑහෙන්න ගානක් හෙව්වා $$$.ඒව ගැන මම බ්ලොග් එකේ කියන්නෙ නැහැ. E-money ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් මාව පෞද්ගලිකව Facebook එකෙන් හම්බවෙන්න.

හරි ... එහෙනම් අපි වැඩේට බහිමු...

පොඩි ගැජට් එකක් ඒ කිව්වෙ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා මෙතනින්  බාගන්නකො.මේකෙන් වෙන වැඩේ කියන්නම්කො,

ඔය සොෆ්වෙයාර් එකෙන් වෙන්නෙ අපේ පෙන් එක එක්තරා විදියක යතුරක් බවට පත් කරන එක, ඒ කියන්නෙ අපි දැන් ඔය සොෆ්ට් එක Install කරලා settings වගයක් හදලා run කළාම ඒ සොෆ්ට්වෙයාර් එක මගින් අපේ USB Pen drive එක අදුන ගන්නවා, ඒ වගෙම පොඩි ෆයිල් එකක් හැදෙනවා එ සොෆ්ට්වෙයාර් එක මගින් පෙන් එක ඇතුලෙ.ඒ විදියට Pen එක අදුර ගෙන ෆයිල් එක හැදුවට පස්සෙ තත්පර ගානකට(වෙනස් කිරිමට හැකිය) පාරක් Predator කියන මෙව්වා එකෙන් Auto scan වෙනවා අපෙ USB port. එහෙම scan වෙන වෙලාවෙ පෙන් එක USB port එකට ගහලා නොතිබුනොත් වැඩේ කේස් ඔන්න මැශින් එක LOCK වෙනවා.

අපි මුලින් සොෆ්ට්වෙයාර් එකට හදුන්වා දීපු පෙන් එක plug කරලා නැතිනම් මැශින් එකෙන් වැඩක් ගන්න බැ. !!!

නැවත යතා තත්වයට ගන්න නම් පෙන් එක plug කළාම auto scan වෙලා lock එක අයින් කරනවා..

දැන් කස්ටියට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි පෙන් එක නැති උනොත් මොකද වෙන්නෙ කියලා
කිසි අව්ලක් නෑ අපි දුන්න password එක දන්නව නම් Keyboard එක මගින් ඒක ඇතුලු කරලා නැවත යතා තත්වයට ගන්න පුලුවන්

(Enter Key එක කිහිපවරක් එබීමෙන් Password එක ඇතුල කල යුතු තැන පෙන්වනවා)

තත්පර 20ක් ඇතුලත password එක දෙන්න ඕනෙ. නැතිනම් Alarm එක වැදෙනවා මහ සද්දෙන්.

මෙන්න වැදගත් settings page එක



ඕකෙ උඩම තියෙන read interval කියන එක තමයි scan වෙන වෙලාව හදනන්න තියෙන්නෙ. කැමති ගානක් දෙන්න.

Screen Darkness කියන එක අඩු කරන්න. නැතිනම් මුලු screen එකම කලු වෙනවා..

New Password කියන තැනට දෙන්න තමන් කැමති password එකක්, ටිකක් දිග එකක් දෙන්න අකුරු 5 වැඩි ඊට පස්සෙ pen එක plug කරලා create key කියන එක ඔබන්න

දැන් උඩම තියෙන OK කියන එක ඔබන්න දැන් පටන් ගන්නවා scan වෙන්න පෙන් එක plug කරලා නැතිනම් මැශින් එක ලොක් වෙනවා

හදිසියෙවත් පෙන් එක නැති උනොත් බය වෙන්න එපා lock උනාට පස්සෙ enter key එක කිහිප වතාවක් ඔබන්න ඉට පස්සෙ එනවා password එක දෙන තැනක් අන්න එතනට password එක දෙන්න...

වැඩේ හොඳයි නම් කමෙන්ට් එකක් දාලා share පාරකුත් දෙන්න..

4 comments:

පවසන්න ඔබේ සියලු අදහස්..!