Windows 7 Transform Pack for XP


සුබ දවසක් ඔයාල හැමෝටම.මේ දවස් ටිකේ මම E-Money වලට අත ගහල ඉන්න නිසා අලුත් ලිපියක් ලියන්න ප්‍රමාද උණා.මොකද E-Money කරනකොට නිදාගන්නවත් බැරිවෙන වෙලාවල් තියෙනවනේ.හරි...ඒ කොහොම උණත් අදත් මම ඔයාලට වැදගත් වේවි කියල හිතුන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ.

ලංකාවෙ ගොඩක් කට්ටිය තාමත් පාවිච්චි කරන්නෙ Windows XP.ඉතින් XP පාවිච්චි කරන අයට තමා මේ ලිපිය ලිව්වෙ.ඔයාල දන්නව ඇතිනෙ Windows 7 වල තියෙන Graphics වල කොලිටිය.Windows 8 වලටත් වඩා මම නම් ආස කරන්නෙ Windows 7 වලට තමා.ඉතින් ඔයාලටත් පුළුවන් Windows XP පද්ධතිය Windows 7 interface එකට transform කරගන්න.

මේකෙ නම Windows 7 Transformation Pack for XP.නමෙන් තේරුම් ගන්න පුළුවන්නෙ.ගොඩක් දෙනා Windows 7 වලට ආස කරන්නෙ Window Transparency එක නිසා.ඒ කියන්නෙ වීදුරුවක් වගේ ස්වභාවය නිසා.මේ Transparency එක කිසිම Software එකක් භාවිතා කරල XP වලට දෙන්න බැහැ.නමුත් මෙම  Transformation Pack එක නිසා Original Windows 7 වලටත් වඩා කොලිටියට Windows Graphics Transformation වෙනවා.දකින කිසිම කෙනෙකුට කියන්න බැහැ XP,7 වලට Transform කරල කියල.

හරි...ඔයිට වැඩිය මම කෙල හලන්න යන්නෙ නැහැ.පහළින් pack එක Download කරගෙන install කරගන්න.අනිත් අයටත් දැනගන්න FB එකට share එකකුත් දෙන්න.එහෙනම් මම ගියා.ඉක්මනටම තවත් වැදගත් දෙයක් අරන් එන්නම්.





3 comments:

  1. Thanks bro ... mama hoya hoya hitye mehema theme ekak. niyamayi.!

    ReplyDelete
  2. Thanks Malli,Math 7 dagaththa.Namuth mata podi aulak thiyenawa.pc eka on weddi "Run time error 642" kiyala enawa.mekata mokakda karanna one.

    ReplyDelete

පවසන්න ඔබේ සියලු අදහස්..!